May 04, 2024

බැසිල් රිටන් එක දෙයි: වීරවංශ හා ගම්මන්පිල පට්ට හොරු දෙන්නෙක් - තොරතුරු එළියට දානවා

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් දෙදෙනාගේ වංචා හා දූෂණ පිළිබදව තමා හොඳින් දන්නා බව මුදල් ඇමති ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

තමා හිතාමතාම එම වංචා හා දූෂණ හෙළි නොකළ මුත් ඉදිරියේදී එම වංචා හා දූෂණ හෙළිදරව් කරන බවයි අමාත්‍යවරයා අනාවරණය කරන්නේ.

දුර්වල ඇමැති දෙපළ

වීරවංශ හා ගම්මන්පිල යන මහත්වරුන්ට අමාත්‍යංශ සදහා අවශ්‍ය මුදල් දුන් නමුත් අමාත්‍යංශ දෙකේ වැඩ කටයුතු හරියට නොකළ බවයි මුදල් ඇමැතිවරයා පෙන්වා දී තිබෙන්නේ.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා මේ කරුණු හෙළිදරව් කර තිබෙන්නේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ව ඔවුන් දැරූ අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම සඳහා පැවැති විශේෂ සාකච්ඡාවේදී.

ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම විශේෂ රැස්වීම සඳහා ඒ අවස්ථාවේ කොළඹ අවට සිටි ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා විසින් කොළඹ ජනපති ලේකම් කාර්යාලය වෙත කැඳවා තිබෙනවා.

සහභාගී වූ පිරිස

ඊට කැබිනට් මණ්ඩල ඇමතිවරු 13ක්, රාජ්‍ය ඇමතිවරු 9 ක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5ක් සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාද එම රැස්වීමට සහභාගී වී තිබෙනවා.

ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11ක සහභාගිත්වයෙන් පැවති "මුළු රටම හරි මගට" ප්‍රකාශනය එළිදැක්වීමේ රැස්වීමේදී විශේෂයෙන්ම විමල් වීරවංශ අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉලක්ක කොට දරුණු ප්‍රහාරයක් එල්ල කළා.

වීරවංශ සහ ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු එම කණ්ඩායම විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා දූෂිතයකු බව වීරවංශ මහතා ප්‍රකාශ කළේ ප්‍රසිද්ධියේම.

Rate this item
(3 votes)
Last modified on Sunday, 06 March 2022 09:35