May 11, 2024

අගමැති, රත්තරන් ඇමතිට දැක් වූ ප්‍රතිචාරය ප්‍රසිද්ධියට

February 14, 2022

අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියේ වැඩිම අවධානය යොමු වූයේ අග්‍රාමාත්‍යවරයා සහ රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා දෙසටයි.

ඒ අබේගුණවර්ධන ඇමතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ වම් අත ඉස්සීමට ගත් උත්සාහයත් ඊට අගමැතිවරයා දැක් වූ ප්‍රතිචාරයක් නිසා.

දෙබස් එලියට

එම සිද්ධියෙන් පසුව දෙපළ අතර ඇති වූ කතාබහ පිළිබඳවද තොරතුරු මේ වන විට එළියට විත් තිබෙනවා.

එම සිද්ධියෙන් පසුව අගමැතිවරයා සිය අසුනේ අසුන් ගැනීමෙන් පසුව ඇමැතිවරයා එතනට පැමිණ මෙසේ පවසා තිබෙනවා.

"සර් මම හොඳක් කරන්න ගියේ".

ඊට අගමැතිවරයා දී තිබෙන්නේ මෙවැනි පිළිතුරක්.

අනවශ්‍ය වැඩේ

"ඔයා ඕනෑ නැති වැඩක්නේ කළේ".

අගමැතිවරයා එසේ පිළිතුරු තිබෙන්නේ කෝපයට පත් මුහුණෙන් යුතුව ඉවත බලාගෙනමයි.

ඇමතිවරයා, අගමැතිවරයාගේ අත් ඉස්සීමට උත්සාහ කිරීමේ සිද්ධියේ රූප රාමු කිසිදු රූපවාහිනී සේවයක ප්‍රවෘත්ති ප්‍රකාශවල විකාශය වී නැහැ.

එහෙත් එය සමාජ මාධ්‍ය ජාලා හරහා එළියට පැමිණියා.

Rate this item
(3 votes)
Last modified on Sunday, 13 February 2022 23:04