May 05, 2024

ජනපතිගේ ප්‍රතිචාරයෙන් ඔක්සිජන් ඇමතිට උන් හිටි තැන් අමතක වෙයි

February 14, 2022

සනත් නිශාන්ත පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා ඔක්සිජන් නැතිව ජීවත්වීමට හැකි බවට කළ කතාවක් නිසා ප්‍රසිද්ධියට පත් තැනැත්තෙක්.

ඔහුට ජනපතිවරයා දැඩි ප්‍රතිචාර දක්වා ඇති බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.

රාජ්‍ය ඇමතිගේ ප්‍රකාශය

ඒ කාදිනල්තුමන් ද සහභාගි වූ හමුවකදී කළ ප්‍රකාශයක් මුල් කොටගෙන.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට තාමත් දඬුවම් නොදීම සම්බන්ධයෙන් ජනපතිවරයා හා අගමැතිවරයා සිය හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතු බවට රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුණා.

කතෝලිකයෙකුද වන රාජ්‍ය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය ජනපතිවරයාගේ දැඩි විරෝධයට ලක්ව තිබෙනවා.

ජනපතිවරයාගේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් ජනපතිවරයා, රාජ්‍ය අමාත්‍යවරයාට දොස් පවරා තිබෙනවා.

ඊට පිළිතුරු ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ තමන් මෛත්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කර එසේ ප්‍රකාශ කළ බවයි.

එම කරුණු පැහැදිලි කිරීම ජනපතිවරයා පිළිගෙන නැහැ.

වරද පිළිගැනීම

එහිදී ජනපතිවරයා පෙරළා රාජ්‍ය අමාත්‍යවරයා අමතා සඳහන් කර තියෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයා ගහලා තියෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට නොව තමන්ට සහ ආණ්ඩුවට බවයි.

සිද්ධිය දුරදිග යන බව වටහා ගත් රාජ්‍ය අමාත්‍යවරයා, ජනපතිවරයා අරලියගහ මන්දිරයට පැමිණ සහභාගීවූ රැස්වීමකදී ජනපතිවරයා හමුවී තමාට වැරැද්දක් වූ බව පිළිගෙන තිබෙන බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Rate this item
(3 votes)
Last modified on Sunday, 13 February 2022 23:07

Related items