නව ජනපති ලේකම්වරයා වන්නේ ගාමිණී සෙනරත් මහතායි.
ඔහු එම තනතුර භාර ගැනීමට පෙර දැරුවේ අග්‍රාමාත්‍ය ලේකම් ධුරයයි.
කොළඹ ධර්මායතනය
සෙනරත් මහතා ජනපති ලේකම් ධූරයේ ආරම්භ කිරීමෙන් පසු පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැ දැකීමට උන් වහන්සේ වැඩ සිටින කොළඹ ධර්මායතනයට ගොස් තිබෙනවා.
එහිදී ගුණවංශ හිමියන් ජනපති ලේකම්වරයාට වැදගත් පණිවිඩයක් ලබා දුන්නා.
"ඔබගේ පත්වීම හොඳයි" උන් වහන්සේ කතාව පටන් ගත්තේ ඒ විදිහට.
බත් කන්නේ ඒ නිසයි
එහෙම කියපු උන්වහන්සේ මෙන්න මෙහෙමත් සෙනරත් මහතාට කිව්වලු.
"ජනතාවගේ ප්‍රශ්න විශේෂයෙන්ම ගොවියන්ගේ ප්‍රශ්න ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ගොවියා කුඹුරු කළොත් තමයි අපි බත් කන්නේ."
උන් වහන්සේ එසේ සෙනරත් මහතාට කියා සිටියේ ජනපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කළ රසායනික පොහොර පිටු දැක ඒ වෙනුවට කාබනික පොහොර යෙදීමේ වැඩ පිළිවෙළ නිසා ගොවියන්ට අත්වූ ඉරණම ගැන නොකියා කියමින්.