ඊයේ (11) පස්වරු 2.00ට චිත්තම්පලම් ගාඩිනර් මාවතේ JMC ශාලාවේදී කොළඹ වරාය නැගෙනහිර ජැටිය විකිණීමට ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ගයට විරුද්ධව “කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය” පිහිටුවීමේ සමාරම්භක උත්සවය පැවැත්විණි .
මෙම උත්සවයට මහා සංඟරත්නය ඇතුළු පූජක තුමන්ලා, දේශපාලන පක්ෂ නියෝජිතයින් වෘත්තිකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගී වී සිටි බව වාර්තා වනවා .
මෙහිදී අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ හිමියන් “අපි ඡන්දෙ දීලා පත්කර ගත්තෙ වෙන්දේසි කොම්පැණියක්” යැයි සඳහන් කරමින් ආණ්ඩුවට දැඩි ප්‍රහාරාත්මක විවේචනයක් එල්ල කළ බවද සදහන් .
එහිදී තවදුරටත් අදහස් දක්වමින් “අපේ ස්වභාවික සම්පත් අපි හැඳින්වූයේ ජාතික සම්පත් කියලා. බණ්ඩාරනායක මහත්තයාට මේ වරාය ජනසතු කරන්න සිදුවුනේ පංච මහා බලවේග නැගිටලා අරගල කළ නිසයි. නමුත් අපි ඡන්දේ දීලා පත්කළේ වෙන්දේසි කොම්පැණියක් කියලා හිතෙනවා. වෙන්දේසි කොම්පැනි වෙන්දේසියට කලින් ගණාඨාරය ගහලා වැඩකළත් මේ ආණ්ඩුව ඝාණ්ඨාරයවත් නොකළත් වෙන්දේසිය පටන්ගෙන තියෙනවා. මේ රට පික්පොකට් ගහන්න ලෑස්තිවෙන්න එපා කියලා ආණ්ඩුවට කියන්න කැමතියි. මේ රටේ එත බිම් අඟලක් විකුණන්න ආණ්ඩුවට අයිතියක් නැහැ. මේ ආණ්ඩුව බිහිකළේ දේප්‍රේමී ජනතාව. ඒ නිසා මේ ආණ්ඩුවට අපි කරුනාවෙන් කියනවා, මේ විදිහට හැසිරෙන්න එපා කියලා. විදේශිකයන්ට සිනහව දීලා රටේ ජනතාවට එපා කියලා.” යනුවෙන් පවසා තිබෙනවා .
එසේම මෙම ආණ්ඩුවට අණතුරු ඇඟවීමක් කරමින් ඇල්ලේ ගුණවංශ හිමියෝ “මමත් මේ රටේ හැම දේශපාන පක්ෂයක්ම ආශ්‍රය කරනවා. දැන් මේ දෙගොල්ලන්ට තුන්ගොල්ලන්ට දුන්න ඇති. අලුත් පිරිසක් මේ රට බාරගන්න සූදානම් වෙන්න.” යනුවෙන් වැඩි දුරටත් පැවසූ බවයි වාර්තා වන්නේ