ජාත්‍යන්තර බලවේගයෙන් ශ්‍රී ලංකාව තුළට පැමිණ මෙරට සම්පත් කොල්ලයක නිරත වන බවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් අවධාරණය කර තිබෙනවා.
එහිදී ගුණවංශ හිමියන් විසින් සඳහන් කර සිටියේ “විශේෂයෙන්ම පෝස්පේට් නිධිය.. මට කණගාටු පොස්පේට් නිධිය වගේ එකක් තියාගෙන පොහොර නෑ කියලා කෑගහන එක ගැන..” යනුවෙනි.
මෙරට සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා දෙවෙනි නිදහස් සටන ආරම්භ කිරිමට සියලු දෙනා අත්වැල් බැඳ ගත යුතු බවද ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් පවසා සිටියා.
කොටුව ප්‍රදේශයේ ඇති ආයතන 20ක් පමණ අලෙවි කිරීමේ සුදානමක් ඇති බවද ගුණවංශ හිමියන් විසින් හෙළිදරව් කර සිටි අතර උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ “දෙමළ ජනතාවටත් මං එකතු වෙන්න කියලා කියන්නේ කන්කසන්තුරේ ඉඩම් ටික අලෙවි කිරීම සඳහා අතුළත් කර තියෙනවා යෝජනාවලියට..” යනුවෙනි.
ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් තවදුරටත් පවසා සිටියේ “අපි මේ රට අතට ගන්න ඕන දැන්.. මේ ඇති අපේ රට දේශපානඥයින්ට බාර දීලා විනාශ වුණා..” ලෙසිනි. එමෙන්ම මෙම ආණ්ඩුව පිහිටුවීමට තමන්ද සහාය ලබාදුන් පවසන ගුණවංශ හිමියන් පවසා සිටියේ ආණ්ඩුව වැරැදි නිසා තමන් දැන් කතා කරන බවයි.
ආණ්ඩුවේ හැසිරීම කිසිම ලෙසක අනුමත නොකරන බවද හිමියන් විසින් වැඩිදුරටත් පවසා සිටියා.
උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී ය.