May 05, 2024

ජවිපෙ හිටපු ප්‍රචාරක ලේකම් විමල්ගෙන් මාධ්‍යයට පාඩමක් : හිඟන මානසිකත්වයෙන් මිදෙන ලෙස උපදෙස් Featured

කලක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස කටයුතු කළ විමල් වීරවංශ ඇමතිවරයා මාධ්‍යකරණය පිළිබඳව පාඩමක් මාධ්‍යවේදීන්ට කියලා දෙනවා.

ඔහු එසේ පාඩමක් කියා දෙන්නේ චෝදනාවක්ද නගමින්.

මාධ්‍යයේ පුරුද්ද

ඒ මාධ්‍යයේ පුරුද්ද ගැනයි.

මාධ්‍යය පුරුදු වී තිබෙන්නේ ජනතාවගෙන් සෘණාත්මක ප්‍රශ්න අසා ඊට සෘණාත්මකම උත්තර පෙවීම බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ඒ තුළින් මාධ්‍ය මේ රට වැඩකට නැති රටක් ලෙස හිතන හිඟන මානසිකත්වයක් ජනතාව තුළ ඇති කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලබා දුන් උපදෙස

ඒ වැඩේ නොකරන ලෙස මාධ්‍යය වෙත අවධාරණය කරන අමාත්‍යවරයා පසුගිය වසර දෙක තුළ මුළු ලෝකයම අර්බුද වලට , ප්‍රශ්නවලට මුහුණ දුන් බව අනාවරණය කරනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඊට මුහුණ දී ඉදිරියට යා යුතු බවයි.

ඔහු එසේ සඳහන් කරන්නේ රට ඉදිරියට යෑමට කළ යුත්තේ කුමක්දැයි ජනතාවගේ අසන ලෙසට මාධ්‍යයට උපදෙසක්ද ලබාදෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 23 January 2022 11:03