බොරැල්ල ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයකින් බෝම්බයක් හමු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.
මෙම සිද්ධිය වාර්තා වූයේ බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථාන ගොඩනැගිල්ලේ යි.
ඊයේ (11) පස්වරුවේ මෙලෙස එම දේවස්ථානය තුළින් හමු වී තිබුණේ අත් බෝම්බයක් බව සඳහන්.
දේවස්ථාන ගොඩනැගිල්ල තුළට පිවිසෙන ප්‍රධාන දොරටුවේ දකුණුපසට වන්නට ඇති සුරුවම අසලිනු යි මෙම බෝම්බය හමු වී ඇත්තේ.
දේවස්ථානයට පැමිණි අයෙකු බෝම්බය දැක ඇති අතර පසුව ඔහු වහාම පියතුමන් දැනුවත් කර ඇති බව පැවසෙනවා.
පොලිස් විශේෂ කාර්යය බලකාය සහ බෝම්බ නිශ්ක්‍රීය අංශය දේවස්ථානයට කැඳවා ඇත්තේ ඒ අනුවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා අතර බෝම්බය දේවස්ථානය තුළ තැබූ ප්‍රධාන සැකකරු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළා.
සැකකරුවන් තිදෙනාගෙන් මේවන විට ප්‍රශ්ණ කිරීම් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසුවා.
ඔවුන් රඳවා සිටින්නේ කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ යි.