May 04, 2024

අග්‍රාමාත්‍යවරයා රාජපක්ෂ දේශපාලනය ඉතා සරලව පහදා දෙයි

රාජපක්ෂලාගේ දේශපාලනය ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිර්වචනයක් කර තිබෙනවා.

රටේ ආණ්ඩුවක් පරද්දන්න අවශ්‍ය උනාම ගෙනෙන්නේ රාජපක්ෂ විරෝධය බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

මහින්ද රැල්ල

එසේ සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා තිබෙන ආණ්ඩුව පරදා නව ආණ්ඩුවක් හැදීමට ඕනෑ වූ විට අවශ්‍ය වන්නේ මහින්ද රැල්ල බවද පෙන්වා දෙනවා.

ඒ අනුව දිනන්න - පරදින්න දෙකටම අවශ්‍ය වන්නේ රාජපක්ෂවරු බව අග්‍රාමාත්‍යවරයාගේ මතයයි.

කාසියේ වාසිය දැමීම

එය එකම කාසියේ දෙපැත්ත වගේ බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා මැතිවරණයකදී කරන්නේ තරගයකදී කාසිය වාසිය උරගා බලනවා මෙන් කාසිය දාල බලන එක බවයි සඳහන් කරන්නේ.

අග්‍රාමාත්‍යවරයා මේ කරුණු හෙළිදරව් කරන්නේ සති අන්ත ජාතික පුවත් පතක් සමග කළ සාකච්ඡාවකදී.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 09 January 2022 16:32