May 10, 2024

මම ඉන්දියාවට තෙල් ටැංකි දුන්නේ බණ්ඩාරනායක මැතිනියගේ ආදර්ශයට අනුව : ගම්මන්පිල

මතභේදයට තුඩු දී තිබෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 14 ක් ඉන්දීය තෙල් සමාගමට තමන් දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආදර්ශයට අනුව යමින් බව බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරනවා.

අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරනවා නම් ලෝකයේ ඕනෑම බලවතෙකු සමග සාකච්ඡා කොට අපට වාසිදායක ලෙස ගිවිසුමකට එළඹිය හැකි බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කරන්නේ තමන් ඒ ආදර්ශය ගත්තේ බණ්ඩාරනායක මැතිනියගෙන් බව පෙන්වා දෙමින්.

දිරාපත් වූන දේපල

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වසර සිය ගණනක් දිරාපත් වෙමින් තිබුණු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

එනිසා ඉන් රටට ප්‍රයෝජනයක් නොතිබුණු බවත් එහෙත් කිසිවෙකු ඒ ගැන කතා නොකර නිහඬව සිටි බව පෙන්වා දෙන අමාත්‍යවරයා තමන් එම තෙල් ටැංකි ටික ප්‍රතිසංස්කරණය කොට තෙල් ගබඩා කිරීමට කටයුතු කරද්දී එසේ නිහඬව සිටි පිරිස් දැන් විරුද්ධ වන බවද සඳහන් කරනවා.

දිගු කලක් ඉන්දියාවට

එමෙන්ම එම තෙල් ටැංකි ඉන්දියාවට දිගු කාලයකට ලබාදී තිබීම ගැනද කිසිවකු කතා නොකළ බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ගම්මන්පිල අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හංවැල්ල සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 09 January 2022 16:33