May 02, 2024

මම ලංකාවට ආවේ ප්‍රහාරයට පෙර දින : හිටපු ජනපති පුත් පාස්කු ප්‍රහාරය ගැන දැන් කියන කතාව

December 24, 2021

දහම් සිරිසේන මහතා මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපතිවරයාගේ පුත්‍රයායි.

මේ වන විට ඔහුත් සක්‍රීය දේශපාලනයට සම්බන්ධ වී තිබෙනවා.

සංවේදීම සිදුවීම

ඔහු එක්තරා පෞද්ගලික රූපවාහිනි සේවයක් සමග පැවති සමඟ පැවති සාකච්ඡාවකදී පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිය අදහස ප්‍රකාශ කළා.

තමාගේ ජීවිතයේ මුහුණ දුන් ඉතා සංවේදීම සිද්ධිය එය බවයි ඔහු පෙන්වා දෙනවා.

අදටත් තමාට ඒ සම්බන්ධයෙන් කම්පනයක් තිබෙන බවයි දහම් සිරිසේන මහතා සඳහන් කරන්නේ.

විදේශගත වීමේ කතාව

පාස්කු ප්‍රහාරය එල්ල වූ දින සිය පවුලම විදේශගතව සිටිය බවට යන රාවය බොරුවක් බවයි ඔහු සඳහන් කරන්නේ.

එම ප්‍රහාරය එල්ල වන දවසේ තමා ජනපති නිල නිවසේ සිටි බවත් බවත් වෙනත් ගමනක් යෑමට සූදානම් සිටියදී මෙම ඛේදජනක සිද්ධිය ගැන ඇසීමට ලැබුණු බවයි හිටපු ජනපති පුත්‍රයා සඳහන් කරන්නේ.

තමා මෙරටට පැමිණියේ පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර දින බවත් ඔහු අනාවරණය කරනවා.

පාස්කු ප්‍රහාරය ගැන මෙසේ අදහස් ප්‍රකාශ කළ එම වැඩ සටහනේදී දහම් සිරිසේන මහතා තවත් අංශ පිළිබඳවද සිය මතය ඉදිරිපත් කළා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 24 December 2021 16:26