May 03, 2024

දහම් සිරිසේන ඊලඟ මහ මැතිවරණයට - වෙනස් ගමනක් යන්න සූදානම්

November 29, 2021

ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයට තමන් තරග වදින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සඳහන් කරනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීම සඳහා තමන් කැපවී කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

තමාගේම ආරම්භයක් ගැනීමට සූදානම් බවත් පියාගේ දේශපාලනය තමන්ට වාසිසේම ලොකු අවාසියක් වෙන අවස්ථාවත් තිබෙන බවත් දහම් සිරිසේන මහතා පෙන්වා දුන්නා.

දහම් සිරිසේන මහතා මේ වනවිට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනියේ සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)

Related items