May 02, 2024

හිටපු ජනපති සිරිසේනත් පවුල් දේශපාලනයට ආවඩයි : පුතාට තනතුරක් දෙයි

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සිය පවුල් දේශපාලනය ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගෙන තිබෙනවා.

ඒ සිය පුත්‍රයා වූ දහම් සිරිසේන මහතාව පක්ෂයේ ප්‍රධාන තනතුරකට පත් කරමින්.

පක්ෂ සභාපතිගේ අනුමැතිය

තම පුතු දහම් සිරිසේන මහතාව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

එම ධූරය ධූරය සඳහා දහම් සිරිසේන මහතාද අයදුම් කර තිබුණු අතර ඊට පක්ෂ සභාපතිවරයා වන ඔහුගේ පියා වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබී තිබෙනවා.

දහම් සිරිසේන මහතා ශ්‍රී.ල.නි.පයේ කුමන හෝ ධුරයකට පත් වූ පළමු අවස්ථාව මෙයයි.

පවුල් දේශපාලනය

තමා සිය පවුලේ කිසිවකු දේශපාලනයට ගෙන නොමැති බව හිටපු ජනපතිවරයා ප්‍රසිද්ධියේම පුන පුනා කියපු කරුණක්.

බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූයේ දහම් සිරිසේන මහතා නොව හිටපු ජනපතිවරයාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය දේශපාලනයට පැමිණි ඇති බවයි.

එහෙත් දැනට හිටපු ජනපතිවරයා දේශපාලනයට ගෙනවිත් තිබෙන්නේ සිය පුත්‍රයා පමණයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 22 October 2021 13:20