May 17, 2024

ජනතාවට මඤ්ඤං : විමල්ට නත්තල්

December 22, 2021

පොදු ජනතාව මේ වන විට මුහුණ දී සිටින්නේ බරපතළ ප්‍රශ්න රැසකට.

මේ ප්‍රශ්න නිසා එළඹෙන නත්තල හා 2022 අවුරුද්ද සමරන්නේ කෙසේදැයි ජනතාවට හිතාගන්නවත් බැහැ.

අමාත්‍යංශ කාර්ය මණ්ඩලය

එහෙත් එය ඇතැම් ඇමතිවරුන්ට ප්‍රශ්නයක් වී නැහැ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද සිය අමාත්‍යාංශයේ නත්තල් කැරොල් ප්‍රසංගයක් පවත්වා තිබෙනවා.

ඒ ඉකුත් 21 වෙනි දින.

එය පවත්වා තිබෙන්නේ වාර්ෂිකව සංවිධානය කරන්නත් යැයි පවසමින්.

රසිකයන්ගේ ඉල්ලීම

ඊට විමල් වීරවංශ අමාත්‍යවරයාද සහභාගි වී ගීතයක්ද ගායනා කළ බවයි දැනගන්නට තිබෙන්නේ.

ඔහු එම ගීතය ගායනා කර තිබෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ ඉල්ලීමකට අනුව.

විමල් වීරවංශ අමාත්‍යවරයා තමන්ව හඳුන්වා දෙන්නේ දේශප්‍රේමිත්වය ඉහළින් අගය කරන , පොදු ජන දුක හඳුනන ඇමතිවරයෙකු ලෙසටයි.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 22 December 2021 19:09