May 17, 2024

විමල් ඇහැලියගොඩදි පී.බී.ට බැන්නේ සූර් පිට බවට කසු කුසුවක්

December 20, 2021

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 විසින් සංවිධානය කරන මහජන මන්ත්‍රණ සභාව දෙවැනි රැස්වීම ඉකුත් සතියේ ඇහැලියගොඩදී පැවැත්වුණා.

එහිදී බිමල් වීරවංශ අමාත්‍යවරයා "පුංචි බන්ඩාගේ රංගනය" නමින් හෙලිදරව්වක් කරමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා "ජයත් නැති සුන්දරත් නැති" තැනැත්තෙකු ලෙසයි හඳුන්වා දුන්නේ.

රංගනය සැබෑවක්

ඒ හැරුණු කොට සිය කතාවේදී ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ ජනතා විරෝධී කටයුතු වලට විරුද්ධ වීම රංගනයක් නොව සැබෑවක් බවත් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළා.

වීරවංශ අමාත්‍යවරයා ඉහත සඳහන් කරුණු ඇතුලත් කතාව කරන ලද්දේ රා පානය කිරීමෙන් පසු බව දැනගන්නට තිබෙනවා.

ඒ එම මහජන මන්ත්‍රණ සභාවට පැමිණීමට සුළු මොහොතකට පෙර කුරුවිට කර්මාන්තය උද්‍යානයේ දී කිතුල් රා වලින් නිෂ්පාදිත පානයක් හඳුන්වාදීමේ අවස්ථාවේදී.

පදමට වෙරි

ඒ අවස්ථාවේදී කිතුල් රා ඇසුරුම් ටින් අමාත්‍යවරයාටද රස බැලීම සඳහා පිරිනමා තිබෙනවා.

"බීලා මොනවා වෙයිද දන්නේ නැහැ. ගහලා බලමු" යැයි සඳහන් කරමින් වීරවංශ අමාත්‍යවරයා රා පානය කර තිබෙනවා.

ඒ අවස්ථාවේ ගත් ඡායාරූපද ඊට පසු ප්‍රසිද්ධියට පත්කර තිබුණු අතර එහිදී එම අවස්ථාවට එක්වී සිටී රා පානය කළ ඇතැම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පදමට වෙරි වී තිබුණු බවයි වාර්තා වන්නේ.

හිටපු ඇමති බෑණා

විමල් වීරවංශ අමාත්‍යවරයාද ඇහැලියගොඩ පැවති මහජන මන්ත්‍රණ සභාවට සහභාගි වූයේ මෙම අවස්ථාවෙන් පසුවයි.

මෙම නව රා කර්මාන්තය ආරම්භ කර තිබෙන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ප්‍රභාත් මහේෂ් මහතායි.

ඔහු ආණ්ඩු පක්ෂ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු ඇමතිවරයෙකු වූ ඩබ්ලිව් ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතාගේ බෑනායි.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 December 2021 11:29