May 20, 2024

මැති ඇමැතිවරු 40 ක් ජලසම්පාදන මණ්ඩලයට කෝටියක පොලු තියලා!

December 15, 2021

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුළු ඉහළ පෙළේ දේශපාලඥයන් 40දෙනකු රුපියල් කෝටියකට ආසන්න ජල බිල්පත් ගෙවීම දිගින් දිගටම පැහැර හැර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එම පිරිසෙන් එක් දේශපාලකයකු ලක්ෂ 18ක තරම් හිඟ බිල්පත් ගෙවීමට ඇති බවයි.

සිය දේශපාලන බලය භාවිත කර ගනිමින් ඔවුන් ජල බිල්පත් ගෙවීම් පැහැර හැර ඇති බවත් ඔවුන්ගෙන් බිල්පත් අය කර නොගත්තේ මන්දැයි යන්න ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කෙරෙමින් ඇති බවත් වාර්තා වනවා.

මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ඇතුළු මන්ත‍්‍රීවරුන් විසිදෙනකු පමණ ද, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ලෙස සිටි විශ‍්‍රාම වැටුප් ලබන මන්ත‍්‍රීවරු දහදෙනකු ද මියගිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දහදෙනකුගේ නිල නිවාස ද මෙසේ බිල් ගෙවීම් පැහැර හැර ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියා.

මේ අතර පසුගිය 2020 වසරේ පෙබරවාරි මාසයේ සිට පසුගිය 2021 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ජල පාරිභෝගිකයන් රුපියල් කෝටි 821ක හිඟ ජල බිල්පත් ගෙවීමට ඇති බව ද වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 December 2021 00:19

Related items