May 19, 2024

කෙසෙල්වත්තේ පවාස් කපාකොටා මරා දමයි

December 05, 2021

කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී පුද්ගල ඝාතනයක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

මෙම අපරාධය සිදුව ඇත්තේ කෙසෙල්වත්ත, පරණ යෝන් විදියේ යි.

ඝාතනය වී ඇති පුද්ගලයා “කෙසෙල්වත්තේ පවාස්” නමැත්තා බවට අනාවරණය වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයාව මෝටර් රථයකින් ආ පිරිසක් විසින් ලුහුබැඳ තිබෙනවා.

පසුව එම පිරිස එක්වී පවාස් නමැත්තාව තියුණු ආයුධ යොදාගෙන කපා කොටා ඝාතනය කර ඇති බව යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ.

කෙසෙල්වත්තේ පවාස් යනු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අයෙක්.

ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන කලක් රක්ෂිත බන්ධානාගාරගතව ද සිට තිබෙනවා.

ඝාතනයට ලක්වන විට ඔහු ඇප මත මුදාහැර සිට ඇති බව වැඩිදුරටත් වාර්තා වූවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 05 December 2021 12:10