May 17, 2024

ජෙප්පන්ට අපේ උපක්‍රම තේරෙන්නේ නැහැ: "රඟපෑමක් කරන්නේ" චෝදනාවට විමල්ගෙන් ප්‍රතිචාර

November 04, 2021

විමල් වීරවංශ අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණට පිළිතුරු දීමට සූදානම් නැති බව සඳහන් කරනවා.

ඔහු ඒ සඳහන කරන්නේ ජ.වි.පෙ නම සඳහන් නොකරමින් ව්‍යංගාර්ථයෙන්.

ප්‍රතිචාරයට හේතුව

වීරවංශ අමාත්‍යවරයා ජ.වි.පෙට එවන් ප්‍රතිචාරයක් දැක්වීමට හේතු වූයේ යුගදනවි පිළිබඳව ඔහුගේ විරෝධය රඟපෑමක් බවට ගොඩ නැගෙමින් තිබෙන ජනමතයට පිළිතුරු දෙමින්.

මාධ්‍යවේදීන් විසින් ඔහු වෙත යොමු කළ එම ප්‍රශ්නය සමාජගත කරන්නේ ජ.වි.පෙ යන පූර්ව ස්ථාවරයක පිහිටා සිටින වීරවංශ මහතා ඒ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් ප්‍රතිචාරයක්.

යහපාලන ආණ්ඩුවේ භූමිකාව

"හම්බන්තොට වරාය විකුණද්දී හීන් කෙඳිරියක් වත් නඟන්න කොන්දක් නොතිබුණු ඒ ආණ්ඩුවේ හිටපු අය , ඒ ආණ්ඩුව හදන්න සම්මාදම් වෙච්ච අය , අරලියගහ මන්දිරයේදී හොරට හොරට ඒ ආණ්ඩුවේ සාකච්ඡා වලට සහභාගි වෙච්ච අය , ඒ ආණ්ඩුව වැරදි කරද්දි ඔහේ බලන් හිටපු අයට තේරුම් ගන්න බැහැ ආණ්ඩුවක් ඇතුලේ ඉදගෙන ඇමතිකම් සහිතව ඉඳගෙන ඒක ඇතුළෙ කතා කරලා බේරන්න බැරි නම් ඒක එලිපිට කතා කරලා බේරගන්න හදන එක ඒ අයට තේරුම් ගන්න බැහැ."

"මොකද ඒ අයට එහෙම භාවිතයත් ජීවිතේම තිබිලා නැහැ.එහෙම අය කියන ඒවට මම උත්තර දෙන්නත් අවශ්‍ය නැහැ."

ගමනේ ආරම්භය

යුගදනවි බලාගාරයේ 40%ක කොටස් ප්‍රමාණයක් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදීමට ආණ්ඩුව ගත් තීන්දුවට එරෙහිව විමල් වීරවංශ මහතා ප්‍රමුඛ උදය ගම්මන්පිල , වාසුදේව නානයක්කාර අමාත්‍යවරුන් නායකත්වය දෙන ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 11ක් ආණ්ඩුවෙන් පිටත දැඩි අරගලයක නියැළී සිටිනවා.

විමල් වීරවංශ මහතා සිය දේශපාලන ගමන ආරම්භ කළේ ජ.වි.පෙන්.

Rate this item
(3 votes)
Last modified on Thursday, 04 November 2021 11:23