May 17, 2024

මාධ්‍ය ඉදිරියේ ඩිලාන් පෙරේරා හදිසියේම ඇදවැටෙයි (VIDEO)

(වීඩියෝව සඳහා පහළට යන්න)

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට අද (17) අනපේක්ෂිත අනතුරකට මුහුණ දීමට සිදු වූවා.

ඒ පාළමක් මත ඇද වැටීමෙන්.

මෙම පාළම ඌව පරණගම සහ හාලිඇළ යා කෙරෙන්නක්.

ඉතා පැරණි පාළමක්වන මෙය අබලන් තත්ත්වයේ පසුවන්නේ වසර ගණනක සිට ප්‍රතිසංස්කරණය නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස යි.

අද දින ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා එහි ගොස් තිබුණේ අබලන් වූ පාළම නිරීක්ෂණය කිරීම සඳහා යි.

එලෙස නිරීක්ෂණය කරමින් පාළම මතින් ගමන් ගත් පෙරේරා මහතා හදිසියේම ඇද වැටුණේ පාළමෙහි කැඩී තිබූ ලෑලි කැබැල්ලක් මත පය තැබීම හේතුවෙන්.

කෙසේ වෙතත් අනතුරින් මන්ත්‍රීවරයාට හානියක් සිදු වී නොමැති බව යි වාර්තා වන්නේ.

අදාළ අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්..

Rate this item
(19 votes)
Last modified on Sunday, 17 October 2021 20:08