May 13, 2024

තරුණ අයට ෆයිසර් දෙනවාට GMOA වෙතින් විරෝධය

September 09, 2021

මෙරට කොරෝනා මර්දනය සඳහා ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 20 සහ 29 අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණ පිරිසට ෆයිසර් එන්නත ලබාදීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GOMA) විසින් සිය විරෝධය පළ කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ අදාළ වයස් කාණ්ඩයේ තරුණ පිරිස් හට එන්නත ලබාදීමෙන් වළකින ලෙසයි.ෙ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසන්නේ එම වයස් කාණ්ඩයේ  පසුවන්නන් හට සයිනොෆාම් එන්නත ලබාදීම සුදුසු බවට නිර්දේශ කර ඇති බවයි‍ෙ

ඒ නිසා මෙරට පවතින ෆයිසර් එන්නත් පාසල් ළමුන්ට ලබාදීමට කටයුතු කරන්නැයිද අදාළ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළා

වෛද්‍ය සමන්ත ආනන්ද මහතා වැඩිදුරටත් පවසා සිටියේ “වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිසට නිර්දේශිත එන්නත තමයි සයිනොෆාම් එන්නත. එම එන්නතේ අවශ්‍ය තරම් තොග ලැබෙන නිසා ෆයිසර් එන්නත ඒ කණ්ඩායමට වෙන් නොකර පාසල් දරුවන් සඳහා වෙන්කරලා. ඒ කාණ්ඩයට අවශ්‍යතාවයක් තිබෙනවානම් ෆයිසර් එන්නත වෙනුවට සයිනොෆාම් එන්නත ලබාදෙන්න කියන එක තමයි අපි ඉදිරිපත් කළේ. ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් සෞඛ්‍ය අමාත්‍යවරයා දැක්වූවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට කියලා. ඒ වාගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව අදාළ නිර්දේශ ගැනීමට කටයුතු කරමින් යන බව කියා සිටියා.”

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 September 2021 14:27