May 06, 2024

විල්මා සමාගම ආණ්ඩුවේම කොටසක් - විපක්ෂයෙන් හෙළිදරව්වක්

September 06, 2021

විල්මා සමාගම මුදල් අමාත්‍යංශයේම කොටසක් බවයි හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ ආර්ථික ඔස්තාර්ලා විල්මා සමාගම සමග එකතු වී සීනි එක්ක ගේම් එක ගහන බවයි.

ලබා දුන්න උපදෙස

සීනි කිලෝවකට රු. 50ට තිබ්බා සත 25 ට අඩු කරන්න කලින් සීනි ගෙන්වා මුහුද මැද තමා ගන්නා ලෙසත් බද්ද අඩු කළ විට රටට ගොඩ බා ගන්නා ලෙසත් මුදල් අමාත්‍යංශය විල්මා සමාගමට උපදෙස් දුන් බවත් මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

මේ ජාවාරමෙන් විල්මා සමාගමට රු. බිලියන 35 කට වඩා ලාභයක් ලැබුණු බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඉන් කොටසක් මුදල් අමාත්‍යංශයේ ආර්ථික ඔස්තාර්ලාටද ගිය බවයි සදහන් කරන්නේ.

දැවැන්තම වර්ජනය

මෙරට ඉතිහාසයේ සිදු වූ දැවැන්තම වංචාව මේ ආ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ හදිසි නීති රෙගුලාසි සම්මත කරගැනීම සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 September 2021 15:53