May 06, 2024

රට තියෙන්නේ දැන් ස්වර්ණමය යුගයක - සජබ මන්ත්‍රී කියයි (VIDEO)

මේ රටේ මේ මොහොතේ ස්වර්ණමය යුගයක තිබෙන බවත් ඒ ස්වර්ණමය යුගය යනු ස්වර්ණාභරණ උගස් තබා ජිවත් වෙන යුගයක රටේ ජනතාව ජිවත් වන බවත් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමිනි.

මෙය උත්තරීතර පාර්ලිමේන්තුවක් බවත් අද මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල ජාති භේද, වර්ණ භේද, ආගම් භේද තිබිය නොහැකි බවද සඳහන් කරනවා.

වේලුකුමාර් මන්ත්‍රීවරයා කතා කරන්න අවස්ථාව ඉල්ලු විට ජාතිවාදී ලෙස එතුමාගේ කතාවට බාධා කරමින් එතුමාව ඒකාධිපති විදියට පාලනය කරමින් එතුමාගේ කතාව නතර කර බවටද අප්පුහාමි මහතා චෝදනා කරනවා.

එය රටේ ප්‍රජාත්‍රන්තවාදයට, සංහිදියාවට ඉතාමත් බරපතල තර්ජනයක් බවත් එයම සිරසට කරන බවද ඒ මහතා පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 July 2021 15:44