May 06, 2024

දැන් ආණ්ඩුව කතා කරන්නේ අයවැය විපක්ෂය ඉදිරිපත් කළ එකක් විදියට සලකලයි

November 21, 2020

මේ අයවැය ඉදිරිපත් කරන ලද්දේ විපක්ෂය ද යන ප්‍රශ්නය තමන්ට පැන නැගෙන බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අයවැය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කරන ලදී.

අයවැයෙන් ඉදිරිපත් කල යෝජනා ගැන කතා නොකොට ආණ්ඩුව විපක්ෂයට බැනීම පමණක් මේ අයවැයේදී සිදු වන බව පෙන්වා දෙන අප්පුහාමි මහතා අයවැයෙන් ඉදිරිපත් කල යෝජනා ගැන ආණ්ඩුවේ නියෝජිතයින් කතා නොකරන්නේ ඒ ගැන කතා කිරීමට දෙයක් නැති නිසා බවද සඳහන් කරයි.

ජනතාව මේ ආණ්ඩුව පත් කරන ලද්දේ විපක්ෂයට චෝදනා කිරීමට නොව ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කිරීමට බවද සඳහන් කරන මන්ත්‍රීවරයා ඒ වගකීම පැත්තක තබා විපක්ෂයට බැනීම ආණ්ඩුවේ ප්‍රධාන කාර්ය වී ඇති බවද පෙන්වා දෙයි.

සර් ෆේල් බව කියන්නේ අප නොව ආණ්ඩුවේ නියෝජිතයින් බවත් ඉන් ජනපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවාද යන සැකය විපක්ෂයට මතු වන බවද අප්පුහාමි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)