May 06, 2024

එස් බී ගැන රාජිත හෙළි කරන රහස Featured

September 04, 2021

තමා එස්.බී.දිසානායක මහතා සමඟ ඉතා කිට්ටුවෙන් වැඩ කටයුතු කරන බව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කරනවා.

මේ දිනවල පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය දින කිහිපයේ ඔහු මුණ ගැසීමට නොහැකි වූ බවයි සේනාරත්න මහතා අවධාරණය කරන්නේ.

කලකිරීමෙන් ඉන්නේ

ආණ්ඩුව නියෝජනය කරන එස්.බී.දිසානායක මහතා බරපතළ කලකිරීමකින් සිටින බවත් සේනාරත්න මහතා තහවුරු කරනවා.

තමා දිසානායක මහතා සමග ඉතා වැදගත් දේශපාලන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන් කරන සේනාරත්න මහතා ආණ්ඩුව තුළ කලකිරුණු මන්ත්‍රීවරුන් අති බහුතරයක් සිටින බවයි පෙන්වා දෙන්නේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන රාජිත සේනාරත්න මහතා මේ අදහස් පළ කළේ එස්.බී. දිසානායක මහතා මේ දිනවල පළ කරන මතභේදාත්මක අදහස් සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින්.

එස් බී ගේ ඉඟිය

පසුගිය දින කිහිපයේ මාධ්‍ය හමු කිහිපයක් තබමින් අදහස් පළ කළ දිසානායක මහතා ආණ්ඩුවේ ඇමතිකම් භාර ගැනීම මෙන්ම ආණ්ඩුවේ ඉදිරියටත් සිටීම ගැනත් අදහස් පළ කළා.

ඇමතිකම් භාර ගැනීම පිළිබඳව දැන් අදහසක් නැති බවත් ඉදිරියේදී දේශපාලනයේ සිටීම ගැන තීන්දුවක් ගත යුතු බවයි එහිදී දිසානායක මහතා අවධාරණය කළේ.

2001 වර්ෂයේදී ඊට වසරකට පෙර බලයට පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පෙරළා දැමීම සඳහා දිසානායක හා සේනාරත්න මහත්තුරුන් එකට එක්ව කටයුතු කළා.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 September 2021 23:47