May 19, 2024

එස් බී හතරවැනි පේළියෙන් පළමු පේලියට

එස්.බී.දිසානායක මහතා 1994 වර්ෂයේදී පළමු වරට කැබිනට් ඇමතිවරයෙකු වූ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක්.

1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනියගේ කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ඇමතිවරුන් අතරින් තිදෙනෙකු වත්මන් කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා.

අනූ හතරේ කැබිනට්ටුව

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහාචාර්ය ජී.එල්.පීරිස් හා නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන්.

එවකට 43 වැනි වියේ පසු වූ එස්.බී.දිසානායක මහතාද එම කැබිනට් මණ්ඩලය නියෝජනය කළේ එහි දෙවැනි ලාබාලතම ඇමතිවරයා ලෙසයි.

එහෙත් වත්මන් ආණ්ඩුව තුළ ඔහුට හිමිවුණේ නුවරඑළිය සංවර්ධන සභා සභාපති ධුරය පමණයි.

හතර වැනි පේළිය

දැන් ඔහු නව කර්මාන්ත ඇමතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු සිටියේ පාර්ලිමේන්තුවේ 4 වැනි පේළියේ.

ඒ ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න , අනුර ප්‍රියදර්ශන යාපා , ඇමරිකාවේ තානාපති ලෙස පත් වූයේ මහින්ද සමරසිංහ , සුසිල් ප්‍රේම් ජයන්ත් වැනි ජේෂ්ඨයන් සමග.

පළමු පේළියට

නව ඇමති ධූරය ලැබීමත් සමග දිසානායක මහතා පාර්ලිමේන්තුවේ 4 වෙනි පේලියේ සිට පළමු පේලියට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වයට අනුව.

දිසානායක මහතාද මේ වන විට පසුවන්නේ 71 වැනි වියේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 04 March 2022 08:50