ආණ්ඩුව පෙරලීමට පුළුල් එක්සත් පෙරමුණක් නිර්මාණය කරන බවත් එය නුදුරු දිනකදීම සිදුවනු ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.
නුදුරු දිනක උදෑසන අවදි වෙද්දි ආණ්ඩුව පෙරළී නව ආණ්ඩුවක් බිහි වී ඇතැයි ප්‍රවෘත්ති වාර්තා කරනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළා.
කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.
අද වන විට ආණ්ඩුවේ සිටින විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා විපක්ෂය සමග සාකච්ඡා කර ඇති බවත් එම පිරිස ගැන සඳහන් කළොත් පුදුම වනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
සමහර පිරිස් වලට ඉතාම ඉක්මනින් ආණ්ඩුවෙන් ඉවත් වී වෙනසක් කිරීමට උවමනා වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.