May 19, 2024

විමල්ගේ "ඔක්කොම මුස්ලිම්" චෝදනාවට කිරිඇල්ලගෙන් පිළිතුරු

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත්කල විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම , සම්මත කිරීම සහ ඒ සම්බන්ධයෙන් වූ අවසාන පිළිතුරු කතාව මුස්ලිම් මන්ත්‍රීවරුන්ට පවරා තිබීම සම්බන්ධයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහසක් ඉදිරිපත් කළා.

ඒ යෝජනාව ඉදිරිපත් කළ එස්.එම්.මරික්කාර් එය සම්මත කළ කබීර් හෂීම් සහ අවසාන පිළිතුරු කතාව කළ මුජිබර් රහුමාන් යන සමගි ජන බලවේග මුස්ලිම් මන්ත්‍රීවරුන් තිදෙනා ඉලක්ක කරගෙන.

විමල්ගේ ගෝත්‍රික මානසිකත්වය

විමල් වීරවංශ අමාත්‍යවරයා හා ගෝත්‍රික මානසිකත්වයකින් සිටින බවටයි ඊට පිළිතුරු දෙමින් පිළිතුරු කතාව කළ මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා චෝදනා කළේ.

කෙසේ වෙතත් වීරවංශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම අදහස සම්බන්ධයෙන් ඒෂියන් මිරර් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් විමසීමක් කළා.

මන්ත්‍රීවරුන් තිදෙනා තෝරාගත් ක්‍රමය

ඊට පිළිතුරු දෙමින් කිරිඇල්ල මහතා සඳහන් කළේ එම යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාව තමාට ලබාදෙන ලෙස මරික්කාර් මන්ත්‍රීවරයා ඉල්ලා සිටි බවයි.

එම යෝජනාව සම්මත කිරීමේ වගකීම කබීර් හෂීම් මන්ත්‍රීවරයා වෙත පැවරුණේ ඔහු හිටපු බලශක්ති අමාත්‍යවරයෙකු මූ නිසා බව කිරිඇල්ල මහතා පෙන්වා දෙනවා.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට අවසාන කතාව ලබා දුන්නේ සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු  විවාද වල අවසාන කතාව සම්ප්‍රදායක් ලෙස ඔහු විසින් කරන නිසා බවයි කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ.

සමගි ජන බලවේගයේ අදහස වූයේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේ වගකීම කබීර් හෂීම් මන්ත්‍රීවරයාට ලබා දීමට බව පෙන්වා දෙන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එහෙත් මරික්කාර් මන්ත්‍රීවරයා එම අවස්ථාව ඉල්ලූ නිසා ඔහුට බාර දුන් බවයි සදහන් කරන්නේ.

මරික්කාර්ට වැරැද්දක් සිදු වුණාද

මරික්කාර් මන්ත්‍රීවරයා විශ්වාසභංග යෝජනාව හරිහැටි ඉදිරිපත් නොකළ බවට සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ඇතුළු ප්‍රසන්න රණතුංග , විමල් වීරවංශ අමාත්‍යවරුන් හා  නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා විරෝධයක් එල්ල කළ අතර ඒ සම්බන්ධයෙන්ද කිරිඇල්ල මහතා පිළිතුරු දුන්නා.

මරික්කාර් මහතා විශ්වාසභංග යෝජනාව නොකියවා එම විශ්වාසභංග යෝජනාවට ලබාදී තිබු අංකයෙන් එය සභාගත කිරීම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට සම්පූර්ණයෙන්ම අනුකූල බව පෙන්වා දෙන කිරිඇල්ල මහතා සාමාන්‍යයෙන් විශ්වාසභංග යෝජනාවක තිබෙන කරුණු වැඩිදුරටත් විග්‍රහ කිරීම සඳහා ඇතැම් විට එය ඉදිරිපත් කරන මන්ත්‍රීවරයා සභාව හමුවේ කියවන බවද පෙන්වා දුන්නා.

අගමැති සම්ප්‍රදාය දන්නවා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංග යෝජනාවට මුහුණදීමට තමන් සූදානම් බව සඳහන් කළේ එම සම්ප්‍රදායන් පිළිබඳව අවබෝධයක් තිබෙන නිසා බවයි කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 July 2021 14:21