May 20, 2024

මිනිහටත් පොදු අපේක්ෂක පිස්සුව ගහලා - වෙල්ගමගේ නව ශ්‍රී.ල.නි.ප යට ප්‍රතිචාර

සමගි ජන බලවේගයේ මහ මහමැතිවරණයට ඉදිරිපත් වුවත් තමන් උපන් ගෙයි ශ්‍රී ලංකා කාරයකු බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන පක්ෂයක් ගොඩනගන බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වන කුමාර වෙල්ගම මහතා කර තිබෙන ප්‍රකාශයට සමගි ජන බලවේගය පාර්ශ්වයෙන්ද ප්‍රතිචාර දක්වනවා.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කර තිබෙන මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් සමගි ජන බලවේගයේ  ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයකුගේ කරුණු විමසුවා.

එහිදී එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා සඳහන් කළේ වෙල්ගම මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් උසුලන හෙයින් සිය නම හෙළි කිරීම සදාචාරාත්මක නොවන බැවින් සිය නම හෙළි නොකරන ලෙසය.

පොදු අපේක්ෂක පිස්සුව

එම පදනම තුල අදහස් දැක්වූ  ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා සඳහන් කළේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාටද මීළඟ ජනාධිපතිවරණයේදී රාජපක්ෂ විරෝධී කඳවුරේ පොදු අපේක්ෂකයා වීමේ පිස්සුවක් තිබෙන බවයි.

පොදුජන පෙරමුණ බිහි කිරීමට මුල් වූ අයෙක් වන වෙල්ගම මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණ සන්ධානයෙන් ඉවත්ව ගෝඨාභය රාජපක්ෂ විරෝධියකු ලෙස පෙනී සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුවෙන් බවයි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමත් සමග වෙල්ගම මන්ත්‍රීවරයාගේ එම බලාපොරොත්තුව සුන් වූ බව පෙන්වා දෙන  ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා දැන් සූදානම් වන්නේ මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වීම සඳහා බවයි.

මෙහෙ ඒකට ඉඩ නැහැ

එහෙත් ඒ සඳහා සමගි ජන බලවේගය තුළ නම් ඉඩක් නැති බවයි  ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මේ වන විට 71 වැනි වියේ පසුවන වෙල්ගම මන්ත්‍රීවරයා මීළඟ ජනපතිවරණය පැවැත්වීමට නියමිත කාලය වන විට 74 වැනි වියට පා තබා සිටින බවත්  ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා හා මතක් කර දෙනවා.

හිටපු ජනපතිනිය වෙනුවෙන් දානමය පින්කමක්

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ශ්‍රී.ල.නි.ප යට සමාන නව පක්ෂයක් බිහි කර ඊට නායකත්වය දෙන බව සඳහන් කළේ ඊයේට (29) යෙදී තිබූ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ළමා නිවාසයකට දානයක් දීමෙන් පසු මාධ්‍ය අමතමින්.

හිටපු ජනපතිනිය මේ වන විට ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 June 2021 16:52