April 27, 2024

වෙල්ගම කලකට පසු ආණ්ඩුව පැත්තට ගිහින්

November 28, 2021

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ඉතා ජනප්‍රිය වූ කතාවක් කළා.

ඒ ආණ්ඩුව පමණක් නොව තමන් නියෝජනය කරන සමගි ජන බලවේග පාර්ශවය ගැනද විවේචනයන් ඉදිරිපත් කරමින්.

එක පැත්තෙම ගැටුම

එහිදී ඔහු තම පාර්ශ්වයේම හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාවත් නම නොකියා විවේචනය කළා.

මේ සම්බන්ධයෙන් ඉකුත් සතියේදී පාර්ලිමේන්තුවේදී වෙල්ගම හා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරුන් අතර ඉතා සුළු සිදුවීමක්ද සිදුවුණා.

ඉන් පසුව සිදු වූයේ රසවත් සිද්ධියක්.

ආපන ශාලාවේ සිද්ධිය

එදින දහවල් ආහාරය සඳහා පාර්ලිමේන්තු ආපන ශාලාවට ගිය වෙල්ගම මන්ත්‍රීවරයා සිය කෑම පිඟාන බෙදා ගැනීමෙන් අනතුරුව අසුන් ගෙන තිබෙන්නේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පැත්තේ.

සිය කෑම පිඟානද සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පැත්තට ගිය ඔහු එහි සිටි තරුණ මන්ත්‍රීවරුන්ගෙන් විමසීමක් කර තිබෙනවා.

ඒ "මම මෙතැනින් වාඩි වුණහොත් තමුන්නාන්සේලාට ප්‍රශ්නයක් වෙයි" දැයි යන්නයි.

පැරණි මිතුරන් සමග

එතැන සිටි තරුණ මන්ත්‍රීවරුන් ඊට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ "අපිට ප්‍රශ්නයක් නැහැ.හැබැයි තමුන්නාන්සේට ප්‍රශ්නයක් වෙයිදැයි අපි දන්නේ නැහැ" යැයි සඳහන් කරමින්.

ඉන් පසු වෙල්ගම මන්ත්‍රීවරයා කලකට පසු සිය පැරණි පක්ෂයේ හිතවතුන් සමග අසුන් ගෙන ආහාර ගත් බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 November 2021 12:09

Related items