April 27, 2024

වෙල්ගම සජිත්ට කොකා පෙන්වයි : වර්ජන තීන්දුවට පයින් ගසා ජනපති සංග්‍රහයට යයි

9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සැසි වාරය මොකුත් 18දා ජනපතිවරයා විසින් විවෘත කලේ සිය රාජාසන කතාවද කරමින්.

එම කතාවෙන් පසුව එළඹ තිබුණේ ආණ්ඩු විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැත්වෙන සම්ප්‍රදායික තේපැන් සංග්‍රහයයි.

විපක්ෂ නායක තීරණය

එම තේ පැන් සංග්‍රහය විමර්ශනය කිරීමට විපක්ෂ සමගි ජන බලවේගය තීරණය කළා.

එම තීරණය ගත්තේ විපක්ෂ නායක හා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්.

එහෙත් විපක්ෂ නායකවරයාගේ එම තීරණයට පිටුපා යමින් එක් සමගි ජන බලවේග මන්ත්‍රීවරයෙක් පමණක් ජනපතිවරයාගේ තේ පැන් සංග්‍රහයට සහභාගී වුණා.

මන්ත්‍රීවරයාගේ තීන්දුව

ඒ කලක් රාජපක්ෂ කඳවුරේ ඉදිරි පෙළ චරිතයක් වූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයායි.

එම තේ පැන් සංග්‍රහයට සහභාගී වූ වෙල්ගම මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ පැරණි හිතවත් මන්ත්‍රීවරුන් සමග විහිළු තහළු කරමින් ඒ අවස්ථාවට සහභාගි වීම ගැන ඒ අයට කිව්වේ මේ විදියට.

"මම ඔය කාත් එක්කවත් නැහැ.මම ඉන්නේ ජනතාව එක්ක.මම කාගෙවත් පදයට නටන්නේ නැහැ."

වෙල්ගම මන්ත්‍රීවරයා තමන් කාගෙවත් පදයට නටන්නේ නැති බව කීවත් ඒ කාගේ පදයටද යන්න නම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග කියා නැහැ.

ජනපති විරෝධය

පොදුජන පෙරමුන නිර්මාණය කිරීමට මුල් වී කටයුතු කළ අය අතර සිටී කුමාර වේල්ගම වෙල්ගම මන්ත්‍රීවරයා පොදු ජන පෙරමුණෙන් ඉවත් වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදු ජන පෙරමුණ ජනපති අපේක්ෂකත්වය ලබාදීමට විරෝධය දැක්වීම සඳහායි.

ඉන්පසුව ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කළ අතර පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරඟ කොට පාර්ලිමේන්තුවට තේරී පත් වූවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 22 January 2022 16:48