May 08, 2024

ජල සම්පාදන මණ්ඩලයට රාජ්‍ය ආයතනවලින් කෝටි 26 කට වැඩි පොල්ලක් Featured

ගෙවුණ මාස 11 තුළ ජාතික ජල සම්පාදන මණ්ඩලයට ජල බිල්පත් ලෙස අයවිය යුතු රු. මිලියන 5100 ක (රු.කෝටි 510) මුදලක් තවමත් ලැබී නැති බව වාර්තා වනවා.

ඒ විවිධ අංශ විසින් ජල බිල්පත් නොගෙවීම මත.

විවිධ අංශ

ඒ විවිධ අංශ වලට ගෘහස්ථ පාරිභෝගිකයින් , රාජ්‍ය ආයතන , වාණිජ ආයතන සහ පොදු ආයතන ඇතුළත්.

මේ අතුරින් රාජ්‍ය ආයතන ජල සම්පාදන මණ්ඩලයට ගෙවිය යුතු මුදල රු. මිලියන 265 ක්.

එනම් රු. කෝටි 26ක්.

කොවිඩ් සහනය

මෙම තොරතුරු හෙළිදරව් කර තිබෙන්නේ ජාතික ජල ජල සම්පාදන මණ්ඩලයේ අයකිරීම් සහකාර සාමාන්‍යාධිකාරි ඒකනායක වීරසිංහ මහතා විසින්.

2021 මාර්තු මාසය දක්වා ජාතික ජල සම්පාදන මණ්ඩලයට අය විය යුතු පැහැර හරින ලද මුදල රු. මිලියන 2100 ක් බවත් ඔහු හෙළිදරව් කරනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට ලබා දුන් සහන කාලය තුළ එම මුදල තවත් රු.මිලියන 3000 කින් ඉහළ ගිය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 January 2022 16:53