May 07, 2024

රනිල් කියන්නේ සූර කපටි දේශපාලඥයෙක් - මුසම්මිල්

තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවක රනිල් වික්‍රමසිංහ මහතාගේ කරේ එල්ලීමට අවශ්‍යතාවයක් නැති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ හිරු බලය වැඩසටහනට එක්වෙමිනි.

රනිල් වික්‍රමසිංහ යනු සූර කපටි දේශපාලකයෙක් බවත් ඒ මහතා අවුරුද්දකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණි බවත් සඳහන් කරනවා.

සමඟි ජන බලවේගය ඇතුලේ අර්බුධය මෝරන්නට දී ඒ අර්බුධය හොඳට වැඩෙන කාලය බලා පාර්ලිමේන්තුවට ඒමට සූදානම් වීමක් ඇති බවද පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතාට අවුරුදු ගාණක දේශපාලන ඉවක් ඇති බවත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාම පැමිණීමට හේතුවක් ඇති බවද පෙන්වා දෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන විට සමගි ජන බලවේගයේ සියලු දෙනා සර් යනුවෙන් පවසා නැගිටින බවද සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 June 2021 23:12