May 07, 2024

අලි සබ්‍රිගේ වැඩපිළිවෙල අපිටත් ප්‍රශ්නයක් - ආණ්ඩුවෙන්ම ප්‍රතිචාර (VIDEO)

November 13, 2020

කොවිඩ් 19 රෝගයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ගෙන යන වැඩ පිළිවෙල තමන්ටත් ප්‍රශ්නයක් බව පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

තමා අධිකරණ අමාත්‍යවරයාගේ මතයට එරෙහිව අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ඉගැන්නුම් බසකට නොව තම ස්වාධීන මතය අනුව බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ මොහොතේ කොවිඩ් 19 රෝගයෙන් මිය යන කිසිවකු භූමිදානය කිරීමට ඉඩ දිය යුතු නැති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

භූමිදානය ද ආදාහනය ද යන්න පිළිබඳව තීරණය ගත යුත්තේ තාක්ෂණ ඇගයීම් කමිටුවක් විසින් මිස කැබිනට් මණ්ඩලය විසින් නොවන බවද මුසම්මිල් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

සිය පක්ෂ නායකයා වන විමල් වීරවංශ අමාත්‍යවරයාට ආණ්ඩුව තුළ කැපිල්ලක් ඇතැයි තමා විශ්වාස නොකරන බවද මුසම්මිල් මන්ත්‍රීවරයා සදහන් කරයි.

මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා මේ අදහස පළ කළේ යූටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(5 votes)
Last modified on Friday, 13 November 2020 18:51