අධිකරණ ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන සංශෝධන පිලිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් නමුත් මේවා සිල්ලර සංශෝධන බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදීය.
රටේ ජනතාව වගේම ජාත්‍යන්තරය පවා බලාපොරොත්තු වන්නේ මෙවැනි දේවල් නොවන බවද ඒ මහතා පෙන්වා දෙනවා.
20 වැනි සංශෝධනය ගෙනැවිත් 19 වන ව්‍යස්ථා සංශෝධනය යටතේ විධායක බලතල විමධ්‍යගත කළ බවද සඳහන් කරනවා.
විධායක බලතල විමධ්‍යගත කර අධිකරණය ස්වාධීන කළ බවද ඒ මහතා පවසනවා.
"ස්වාධීනත්වය නැති කර බලය එක් පුද්ගලයෙකුගේ අතට අරගෙන ඔබතුමා කොහොමද කියන්නේ අධිකරණයේ ගුණාත්මකභාවය සහ ප්‍රජාත්‍රන්තවාදයේ නිදහස ගැන"යනුවෙන් කිරිඇල්ල ඇමතිවරයා ඇමති අලි සබ්‍රිගෙන් ප්‍රශ්න කළා.