රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාද කොළඹ වරාය නගර ආර්ථික කොම්සන් සභා පනත් කෙටුම්පතට ඡන්දය දීමෙන් වැළකී සිටීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට යොමුව තිබේ.
මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ තමන් ඡන්දය ඇරඹීමට ටික මොහොතකට පෙර පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්ව ගිය බවය.
තමා කොවිඩ් - 19 එන්නත විද ගැනීම නිසා ඇති වූ අපහසුතාවය හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත විවේක ගැනීම අවශ්‍ය නිසා එසේ පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත්ව ගිය බව සඳහන් කරයි.
දින හතරක් පමණ විවේක ගන්නා ලෙස තමන්ට වෛද්‍ය උපදෙස් ලැබුණු බව සදහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට තමා එම උපදෙස් වලට අනුව කටයුතු කරමින් සිටින බවද පෙන්වා දෙයි.
විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයාට අමතරව ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ සහ මහින්ද සමරසිංහ යන පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද වරාය නගර පනත් කෙටුම්පතට ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියේ නැත