May 03, 2024

පොහොට්ටුවේ ඇතමුන් පහර ගහන කුඩා පක්ෂ විදුරගේ පැසසුමට

පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂ පොදුජන පෙරමුණ වෙනුවෙන් කළ ඉහළ කාර්යයභාරයක් තිබෙන බව විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

කුඩා පක්ෂ යයි හඳුන්වන ඔය පක්ෂ වල අය දේශපාලන, ආර්ථික, සමාජයීය යන විවිධ අංශවලින් පොදුජන පෙරමුණට මෙන්ම රටට දායකත්වයක් දී ඇති බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ජනපතිවරණ වේදිකාවේ ප්‍රධාන කථිකයන් වූයේ කුඩා පක්ෂවල අය බවද සඳහන් කරයි.

එනිසා මේ කුඩා පක්ෂවල අයට පොදුජන පෙරමුණ වෙනුවෙන් දෙයක් නොකරපු පොදු ජන පෙරමුණ පිහිටෙන් දිනපු අය ලෙස කරන චෝදනාව වැරදි බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රගතිශීලී පිරිස් එකතු වූ සෑම අවස්ථාවකම ජයග්‍රහණ ලබා තිබෙන බව පෙන්නා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඊට මැතිවරණ ජයග්‍රහණ පමණක් නොව රටේ ජයග්‍රහණ හා ජනතාවගේ ජයග්‍රහණද ඇතුළත් බවද සඳහන් කරයි.

එනිසා වැදගත් වන්නේ පක්ෂ ජයග්‍රහණය කිරීම නොව රට ඉදිරියට යෑම බැවින් ඒ සඳහා මේ සියළු පාර්ශව එකට සිටිය යුතු බව අවධාරණය කරයි.

විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පොදුජන පෙරමුණේ ඇතමුන් සහ එහි සන්ධානගත පක්ෂ අතර පසුගිය කාලයේ ඇතිවූ මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ඒෂියන් මිරර් කළ කරුණු විමසීමකට පිළිතුරු දෙමිනි.

පසුගිය කාලය පුරා විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් ඇතුළු පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂවල නායකයින් හා පොදුජන පෙරමුණේ ඇතැමුන් ප්‍රසිද්ධියේම එකිනෙකා විවේචනය කර ගැනීමේ වැඩපිළිවෙලක නිරතව සිටින ලදී.

සන්ධානගත පක්ෂ නායකයින්ට විවේචන එල්ල කළ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිස් බැසිල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායමක් බවටද මතයක් ගොඩ නැගී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 11 April 2021 02:00

Related items