May 02, 2024

ජනපතිම කියන ඔය අලුත් කට්ටිය බලයට එන බව මටත් පේනවා : රාජ්‍ය ඇමති කෙළින්ම කියයි

December 14, 2021

තව ටික කාලයකින් ආණ්ඩුවක් පුපුරයිද දන්නෙ නැති බවට අනාවැකියක් විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා පල කරනවා.

මේ ආණ්ඩුව පිළිබඳව කළකිරීමක් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඊට හේතුවද පෙන්වමින්.

ජනතා බලාපොරොත්තුව

2019 මෙරට ජනතාව මේ පරිවර්තනය ඇති කළේ මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන්ද යයිද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කරනවා.

ජනපතිවරයා ප්‍රකාශ කළ ආකාරයට තමනුත් නොවන හිටපු පාලකයිනුත් නොවන අලුත් කට්ටියක් මේ යන විදිහට එන බව තමන්ටත් පෙනෙන බවයි වික්‍රමනායක මහතා හෙළිදරව් කරන්නේ.

ගෑස් ප්‍රශ්නය

වික්‍රමනායක මහතා මේ අදහස් පළ කළේ ගෑස් සහ දියර පොහොර ටැංකි පිපිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට දුන් පිළිතුරක දිගුවක් ලෙසයි.

ගෑස් පිපිරීම සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයද කලින්ම දැකලා ඒ ගැන ජනතාවට අවංකවම අදහස් ප්‍රකාශ කර එය විසඳා ගැනීමට තිබූ බවයි රාජ්‍ය අමාත්‍යවරයාගේ අදහස වන්නේ.

දැන් ඒ ප්‍රශ්නය විසඳීමට යෑම අසීරු වැඩක් ලෙස ඔහු පෙන්වා දෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 14 December 2021 15:53

Related items