May 20, 2024

"ඔය අධිකරණ ඇමතිකම පැත්තකට දාන්න - ජාතියේ අයිතීන් දිනාගන්න අපිත් සමග එන්න" - වෙල්ගම

December 23, 2020

ඔය දරන ඇමතිකම පැත්තකට දමා අපත් සමග ඔබේ ජාතියේ අයිතීන් දිනාගන්න එකතු වෙන ලෙස මේ සිංහල ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජාතික අධිකරණ අමාත්‍යවරයාගෙන් තමන් ඉල්ලා සිටින බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේගය නියෝජනය කරන කුමාර වෙල්ගම මහතා එම ඉල්ලීම කරන ලද්දේ අද (23) මුස්ලිම් දේහ භූමිදානය කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුරය.

අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා තමන්ගේ ගම් ප්‍රදේශයේ පුද්ගලයකු බවද එහිදී වෙල්ගම මහතා අනාවරණය කරන ලදී.

Rate this item
(1 Vote)