May 03, 2024

කොරෝනා බරපතළකම තේරුම් ගෙන ආණ්ඩුව වැඩ කරන්නේ නෑ - ටිල්වින් සිල්වා

November 11, 2020

කොරෝනා වසංගතයේ බරපතළකමට සරිලන ලෙස ආණ්ඩුව කටයුතු නොකරන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චෝදනා කළේය.

ආණ්ඩුව මේ වන විට කටයුතු කරන්නේ ජයග‍්‍රහණය තමන්ගේ නමට ලියා ගනිමින් අර්බුදයේ වගකීම ජනතාව පිට පැටවීමට බවත් හෙතෙම පැවසීය.

උද්දච්චකම් නොකර පවතින අඩුපාඩු රජය තේරුම් ගත යුතු බවත් කී ටිල්වින් සිල්වා මහතා සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, තමන්ට එල්ලවී තිබෙන තර්ජනය පවා නොතකා ක‍්‍රියා කිරීමේ ප‍්‍රතිඵලයවත් ලබා ගැනීමට ආණ්ඩුව පොදු වැඩපිළිවෙළක් තවම සකසා නැති බවටත් චෝදනා කළේය.

කොරෝනා වසංගතය තවත් අවුරුදු දෙක තුනක් පවතින බවට ඒ පිළිබඳ විශේෂඥයන් අනතුරු අඟවා ඇති පසුබිමක ජනතාවගේ අත්‍යවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආණ්ඩුව වහා සැකසිය යුතු බවත් හෙතෙම පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එම අදහස් පළ කළේ පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Rate this item
(0 votes)