May 09, 2024

සීදුව පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරි නීතිය

ගම්පහ දිස්ත්‍රික්කයේ සීදුව පොලිස් බල ප්‍ර දේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පනවන බව පොලීසිය පවසයි.

මීට පෙර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූවේ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරිනීතිය පනවන බවයි.

එම පොලිස් බලප්‍රදේශ වන්නේ,  

ගම්පහ පොලිස් බල ප්‍රදේශය

කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය

දොම්පේ පොලිස් බල ප්‍රදේශය
පූගොඩ පොලිස් බල ප්‍රදේශය

ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශය

වීරඟුල පොලිස් බල ප්‍රදේශය

වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය

මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය

නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය

මීරිගම පොලිස් බල ප්‍රදේශය

පල්ලේවෙල පොලිස් බල ප්‍රදේශය

යක්කල පොලිස් බල ප්‍රදේශය

ජා ඇල බල ප්‍රදේශය

කඳාන පොලිස් බල ප්‍රදේශය

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 October 2020 12:47