April 28, 2024

මේ මස අවසන් සතියේ ඇඳිරිනීතිය පැනවෙයි ද? යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

December 12, 2020

දෙසැම්බර් මස අවසන් සතියේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමක් හෝ හුදකලා කිරීමක් සිදුකිරීමට මේ වන විට පවතින තත්ත්වය මත කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රූපවාහිනී නාලිකාවකට අදහස් දක්වමින් යුදහමුදාපතිවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“අද 12 වෙනි දා. 22 කියන්නේ දින 10ක් තියෙනවා. දිනයක් දෙකක් ඇතුළත කුමන ආකාරයකින් කොවිඩ්වල හමුවන සංඛ්‍යාවන් වෙනස් වෙනවා. අපි කොළඹ නගරසභා සීමාව යම් ආකාරයක පාලනයකට අරන් තියෙනවා. පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ කරලා. කෙසේවෙතත් දැනට තිබෙන තත්ත්වය අනුව කිසිසේත් මේ ආකාරයෙන් හුදකලා කිරීමකට හෝ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවක් නෑ. කිසිසේත්ම. නමුත් ජනතාව කොටස් දෙකකින් අපිට කථා කරනවා. එක් පිරිසක් වහලා දාන්න මේ අය හරියට හැසිරෙන්නේ නැති වෙයි කියලා කතා කරනවා. තවත් පිරිසක් මේකාලේ තමයි යම්කිසි දෙයක් හම්බ කරගන්න තියෙන්නේ කියනවා. කෙසේවෙතත් ජනතාව පැත්තෙන් සුබවාදීව බලන්න ඕනේ.“ 

Rate this item
(3 votes)