May 13, 2024

රනිල්ගෙන් වෛද්‍ය සංගමයට අනතුරු ඇඟවීමක් (VIDEO)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් රාජපක්‍ෂවරුන්ට කඩේ යමින් දේශපාලනය කිරීමට පටන් ගන්නේ නම්, එම සංගමය ද දේශපාලන සංගමයක්‌ ලෙස සලකා කටයුතු කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

එම සංගමය රෝගීන් අපහසුතාවට පත් කොට පාරට බසියි නම් ඔවුන්ට එරෙහිව ආණ්‌ඩුව ද පාරට බැසීමට සූදානම් බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ය.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

ඊයේ පස්වරුවේ "සිරිකොත" පක්ෂ මූලස්තානයේ දී වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ය.

වෛද්‍ය සංගමයේ කටයුතු පිළිබඳව සෙවීමට තමන් රහස්‌ පොලිසිය යෙදවූ බවට චෝදනාවක්‌ කර ඇති බව පැවසූ වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ එම පුවත පළ කළ මාධ්‍ය ආයතන ද රාජපක්ෂවරුන්ට කඩේ යන ආයතන බව යි.

එමෙන්ම වෙනත් පාර්ශ්වයක්‌ විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව පැමිණිල්ලක්‌ කළහොත් එය ද තම ඇඟ මතට පැටවෙන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

රජය අත්සන් කරන වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සෙවීම වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ කාර්යය නොවන බවත් ජනවරමක්‌ ලැබූ ආණ්‌ඩුවට එරෙහිව එම සංගමය කටයුතු කළහොත් දේශපාලන වශයෙන් පිළිතුරු ලබා දෙන බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සෙල්ලම් නැවැත්විය යුතු බවට යි.

Rate this item
(0 votes)