May 03, 2024

ගම්මන්පිල ඊයේ පාර්ලිමේන්තුව උණුසුම් කළේ මෙහෙමයි (VIDEO)

ඊයේ (02) දින පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් කතානායක කරූ ජයසූරිය මහතාගේ තීරණයක් දැඩි විරෝධයට ලක් කළේ ය.

වාචික පිළිතුරු අපේක්ෂිත ප‍්‍රශ්න වටයක් තුළ ඇති වූ සංවාදයක දී මෙම උණුසුම් තත්ත්වය හටගත්තේ ය.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > >

උදය ගම්මන්පිල මහතා විසින් "ගෝලීය දමිළ සංසදය සහ තවත් සංවිධාන කිහිපයක තහනම ඉවත් කර ඇත්දැ"යි යනුවෙන් යොමු කළ ප‍්‍රශ්නයකට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පිළිතුරු ලබා දුන් අතර එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ ගම්මන්පිල මහතා නැවත එම ප‍්‍රශ්නය විමසීමත් සමගයි මෙම උණුසුම්කාරී තත්ත්වය හටගත්තේ. 

පසුව කථානායක කරූ ජයසූරිය මහතා විසින් අතුරු ප‍්‍රශ්නයක් මතු කිරීමට උදය ගම්මන්පිල මහතාට අවස්ථාවක් ලබාදුන්න ද ඒ මහතා එය ප්‍රතික්ශේප කරමින් පවසා සිටියේ තමන් කතානායකවරයාගේ තීරණයට විරෝධය පාන බවත්, කතානායකවරයා මීට වඩා වගකීමෙන් යුතුව වැඩ කළ යුතු බවත් ය.

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 14 February 2016 11:16

Related items