May 20, 2024

මගී බස්රථවලට තනි මංතීරුවක්

මගී ප‍්‍රවාහන බස් රථ සඳහාම වෙන්වූ තනි මංතීරුවක් යොදා ගැනීමට කටයුතු කරන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

දෛනිකව කොළඹ නගරයේ පවත්නා රථවාහන තදබදය හේතුවෙන් පැයට කිලෝමීටර් 12ක වේගයෙන් නගරය තුළ වාහන ධාවනය සිදුවේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම නව පියවර ක්‍රියාවට නැංවීම තුළින් කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කරගත හැකිවනු ඇති බවයි.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ එය 2018වසර වන විට පැයට කිලෝමීටර් 6 දක්වා අඩුවනු ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 January 2016 15:57