May 21, 2024

ගාල්ලේ මන්ත්‍රීවරු වර්ග 3ක් ගැන රනිල් කියයි

ගාල්ල දිස්තික්කය තුළ ජනතා නියෝජිතයින් වර්ග තුනක් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ ඇමතිකම් දරන අය, ඇමතිකම් ඉල්ලූමුත් නොලැබූ අය සහ ඇමතිකම් දුන්නත් ප්‍රතික්ෂේප කළ අය වශයෙනි.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීම අග්‍රාමාත්‍යවරයා ඊයේ (21) දින සිදු කළ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ගාලූ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අදහස් පළ කිරීමට යාමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

මන්ත්‍රීවරයා මෙම සිද්ධිය ගාල්ලට අදාළ බව ප්‍රකාශ කරමින් ඊට මැදිහත්වීමට උත්සාහ කළ අතර එහි දී අග්‍රාමාත්‍යවරයා ඉහත අදහස් පළ කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 October 2015 10:44

Related items