May 02, 2024

'ජාත්‍යන්තර ගැටළු නිමා වී GSP+ නැවත ලැබේවි' - රනිල් (VIDEO)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය බෙදීමට නොව තම රජයට අවශ්‍ය වන්නේ සැවොම එකතු කිරීමට බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (01) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති වෘත්තීය සමිති නායක හමුවක දී ය.

තම රජය විසින් ජනතා පරමාධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කළ බවත් එම නිසා මෙරට පිළිබඳව ඇති ජාත්‍යන්තර ගැටළු සමතයකට පත් වෙමින් පවතින බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම යහපත් තත්ත්වය සැළකිල්ලට ගනිමින් යුරෝපා සංගමයට ඉල්ලීම් කර නැවතත් GSP+ සහනය ලබා ගැනීමට විදේශ අමාත්‍යවරයා සූදානම්ව සිටින බවයි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)