May 09, 2024

දූෂණ චෝදනා ඇති ඇමතිවරුන්ගේ වාර්තාවක් ඉල්ලා අගමැතිගෙන් නියෝග

September 14, 2015

වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සිටින විවිධ දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභා නායක ලේකම්වරයාට නියෝග කර තිබේ.

නව අමාත්‍ය මණ්ඩලයේ සිටින ඇතැමුන් විවිධ දූෂණ සහ අක්‍රමිකතාවලට සම්බන්ධැයි පවසමින් පසුගිය දිනවල විවිධ පිරිස් චෝදනා පළ කලහ.
 
එම චෝදනා එල්ල වී ඇති රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය අදාළ වාර්තාවට ඇතුළත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා නියෝග කර ඇත.

Rate this item
(0 votes)