May 03, 2024

වෙනම විපක්ෂ පෙරමුණක් සඳහා විමල් සාකච්ඡා අරඹයි

September 06, 2015

වෙනම විපක්ෂ පෙරමුණක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ 05ක් සමඟ  සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා තිබේ.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ එම විපක්ෂ පෙරමුණෙන් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට ද අපේක්ෂා කරන බව යි.

ජාතික ආණ්ඩුවට සහය නොදක්වන  නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම විපක්ෂ පෙරමුණට එක් කර ගැනීම සිදුවුවහොත් නිදහස් පක්ෂය විසින් ඔවුන්ගේ මන්ත්‍රීධුර පිළිබඳ ගැටලූ මතුකරයි ද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් ඒ පිළිබඳව නීති උපදෙස් ලබාගනිමින් සිටින බව විමල් වීරවංශ වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 06 September 2015 11:59

Related items