May 04, 2024

ජීවිත කාලයේ දී රටට කළ හැකි හොඳම සේවය ගැන අගමැති කියයි

September 04, 2015

සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කර ගැනීමේ පැතුම ඉටු කර ගැනීම සඳහා සහය දිය හැකි නම් එය ජීවිත කාලය තුල රටට කළ හැකි හොඳම සේවය බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එම පැතුම සපුරා ගැනීමට සියළු පක්ෂ වල සහය ලබා දෙන්නැයි ඉල්ලා සිටියේ ය.

ඔහු මේ අදහස් පළ කළේ අද දින (04) අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු එම සභාව අමතමිනි.

ජාතික ආණ්ඩුව සාර්ථක වුවහොත් රට ද සාර්ථක වන බවත් අසාර්ථක වුව හොත් සියල්ලෝම ජනතාවගේ කලකිරීමට භාජනය විය හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පැවසූ අතර ජාතික ආණ්ඩුව සාර්ථක කරගැනීම අමාරු කාර්යයක් නොවන බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ජනතාවට සේවය කිරීමේ අවශ්‍යතාව පමණක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේ ය.

"අප සියලු දෙනාම එකට එක් වී ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතු බව ජනාධිපතිතුමාත් කියනවා. එක්සත් ජාතික පක්ෂයත් ඊට එකඟයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඊට එකඟ වුණා. රටක ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාවගේ දියුණුව අභ්‍යන්තර හා අන්තර්ජාතික සහයෝගය ලබා ගත හැකි වනුයේ එවැනි පිළිවෙතක් අනුගමනය කරවීමෙන් පමණයි." යනුවෙන් ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 September 2015 17:13