April 28, 2024

'තුන්වන විප්ලවය ජය ගන්න පහසුයි' - මල්වතු මහානාහිමියන් අගමැතිට කියයි (VIDEO)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අද(23) මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවට ගොස් ආශිර්වාද ලබා ගෙන අස්ගිරි - මල්වතු මහනාහිමිවරුන්ද බැහැ දුටුවේය. 

අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව අස්ගිරි මහා විහාරයට ගිය අග‍්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු අතිපූජ්‍ය ගලගම ශ‍්‍රී අත්තදස්සී මහනාහිමියන් බැහැ දුටුවේය. අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා මල්වතු මහා විහාරයට පැමිණි අතර එහිදී ද ආගමික වතාවත්වල නිරත වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ වෙත මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද සෙත් පිරිත් සඣඡායනා කර ආශිර්වාද කළහ.

එහිදී අනුශාසනාවක් කළ මල්වතු මහනාහිමියන් අග‍්‍රාමාත්‍යවරයාගේ දීර්ඝ දේශපාලන ජීවිතය පිළිබඳ සිහිපත් කරමින් සියලූ දේශපාලන පක්ෂ සමඟ එක්ව රට ගොඩනැගීමේ වැඩපිළිවෙලකට අවතීර්ණවීම පිළිබඳව ප‍්‍රශංසාව පළ කළ අතර සියලූ දේශපාලන පක්ෂ රට ගැන සිතා තම දේශපාලන දර්ශනයක් මඳකට පසෙක තබා හෝ රට ගොඩනැගීමට එක්විය යුතු බව උන්වහන්සේ අවධාරණය කළේය.

විප්ලව දෙකක් අවසන් කළාසේම රට ගොඩනැගීමේ විප්ලවය ද සිදුකළ යුතු බව මෙහිදී අවධාරණය කළ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල හිමියන් කෘෂි ආර්ථික ගොඩනැංවීමේ වැදගත්කම ද පැහැදිලි කළේය. 

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Sunday, 23 August 2015 23:48